බැංකු ගිණුම් හා මුදල් අනතුරේ - පොලිසිය වගේ ආවට රැවටෙන්න එපා - බොරු පොලිසියක් මතුවෙලා
පොලිසිය විසින් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබාගන්නා පුද්ගලයින් පිරිසක් ගැන පොලීසිය අනතුරු අගවා ඇත.
ඉන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳ පොලීසියට පැමිණිලි ලැබී තිබුණු බවත් ඔවුන් පවසයි.
ඒ පිළිබඳ විමර්ශනයේ දී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකතන අංකවලට යම් සමානකමක් ඇති විදේශීය දුරකතන අංක භාවිත කරමින් මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බැංකු හෝ මූල්‍ය සමාගම් ලෙස පෙනීසිටිමින් ගිණුම්කරුවන්ට ඇමතුම් ලබාදී ගිණුම් පිළිබද පැමිණිලි ඇති බව පවසා ඒවා නිරාකරණය කර ගැනීමට උපකාර කරන බව පවසමිනුයි මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇත.
පොලීසිය පවසන්නේ පොලිස් විමර්ශන අංශයේ බව පවසමින් වට්ස්ඇප් ඇමතුම් ලබාදී පොලිස් නිල ඇදුමට සමාන ඇදුමකින් සැරසී පොලීසිය තුළ පවතින කාර්යබහුල බව පවසා ඇමතුම් ඔස්සේ නිරූපණය වන ආකාරයට මොවුන් කටයුතු කර ඇති බවයි.
බැංකු ගිණුම් තුළ තවදුරටත් පවතින මුදල් ද වංචනික ලෙස ලබාගෙන ඒවා ක්‍රිප්ටො කරන්සි බවට පරිවර්තනය කරගෙන ඇති බවටත් හෙළිවී ඇත. තම පුද්ගලික තොරතුරු හෝ ගිණුම් පිළිබඳ තොරතුරු මෙවැනි වංචනිකයින්ට ලබා නොදෙන ලෙස පොලීසිය ජනතාවට අවධාරණය කරයි.