හිනිදුම බිහිසුණු ඝාතකයින් සොයන්න STF එකත්...

By Piyumika Feb 01, 2025 04:47 AM GMT
Report

ගාල්ල - හිනිදුම ප්‍රදේශයේ නවාතැන්පොළක හිමිකරු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමත් සමග එම ප්‍රදේශයේ ආශ්‍රිතව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ දුරකතන දත්ත විශ්ලේෂණය කිරීම මෙන්ම සී.සී.ටී.වී කැමරාවල තොරතුරු ඔස්සේ වෙඩික්කරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කඹුරුපිටියේ ගුරුවරියගේ අමානුෂික ඝාතනයට මවත් අත්අඩංගුවට.. මරණය අසල දමා තිබු මව ලියු ලිපියේ තිබු දේ..

කඹුරුපිටියේ ගුරුවරියගේ අමානුෂික ඝාතනයට මවත් අත්අඩංගුවට.. මරණය අසල දමා තිබු මව ලියු ලිපියේ තිබු දේ..

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

පෙරේදා රාත්‍රියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර වලින් මියගිය එක් අයෙකු වන අම්බලන්ගොඩ - බටපොල ප්‍රදේශයේ පදිංචි නෙවිල් නැමැත්තා රැකියාවක් සදහා ඊශ්‍රායලයට යාමට නියමිතව සිට ඇති අයෙකු වන අතර ඒ සදහා ඔහු මුදල් ගණුදෙනුවක් සිදු කර තිබුණේ ප්‍රහාරයෙන් මිය ගිය හිනිදුම නවාතැන්පොළේ හිමිකරු සමගයි.

කෙසේ වෙතත්, ඉන් ලක්ෂ 02ක මුදලක් පමණක් නවාතැන්පොළේ හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ආපසු ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

බරට බරේ බැංකොක් වලින් ගෙනාව සුපිරි බඩු...

බරට බරේ බැංකොක් වලින් ගෙනාව සුපිරි බඩු...

අනතුරුව නවාතැන්පොළෙහි හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමාගේ ලැගුම්හල වෙත පැමිණෙන ලෙසයි.

එහිදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියක් යෙදාගෙන එහි සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂක කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ.

You may like this video