බරට බරේ බැංකොක් වලින් ගෙනාව සුපිරි බඩු...
By Piyumika
කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් ඊයේ (31) එම වැටලීම සිදුකර තිබුණි. ඒ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ය.
තායිලන්තයේ බැංකොක් සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02ක් සන්තකයේ තබාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 36 යන වයස්වල පසුවන හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
You may like this video