කඹුරුපිටියේ ගුරුවරියගේ අමානුෂික ඝාතනයට මවත් අත්අඩංගුවට.. මරණය අසල දමා තිබු මව ලියු ලිපියේ තිබු දේ..

By Piyumika Feb 01, 2025 04:24 AM GMT
Report

කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ ඊයේ (31) අළුයම කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඊයේ දිනයේදීම ඇගේ 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව ඇත.

මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ..

මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ..

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් සොයාගෙන තිබේ.

එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි.

ඇගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් එම ලිපියේ ඇය සඳහන්කර ඇත.

එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර තිබේ.

උගුල් අටවාගෙන විදෙස් ජාතිකක් හොර රහසේම කර කර හිටපු වැඩක් මාට්ටු..(PHOTOS)

උගුල් අටවාගෙන විදෙස් ජාතිකක් හොර රහසේම කර කර හිටපු වැඩක් මාට්ටු..(PHOTOS)

කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත.

ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරයි. ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may like this video