BMICH පරිශ්‍රයෙන් තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයට නාරාහේන්පිටදී පොලිසියෙන් වෙඩි

Report

තරුණියක් පැහැරගෙන යමින් තිබූ මෝටර් රථයකට නාරාහේන්පිට පොලිස් මාර්ග බාධකයකදී පොලිසිය වෙඩි තබා මෝටර් රථය නතර කර තිබේ. අද (29) දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මාර්ග බාධකයක් යොදා අදාළ මෝටර් රථය නතර කිරීමට අණ කර ඇත.

කෙසේ වෙතත්, මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වෙඩි තබා එය නතර කිරීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී මෝටර් රථය පැදවූ පුද්ගලයා, පැහැරගෙන යමින් සිටි තරුණිය සහ මෝටර් රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි එම තරුණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ආසන්නයේදී පැහැරගෙන ඇති බවයි. පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

උතුරු මැද විශාලතම ජලාශය ගැන ජනපතිගෙන් තීරණයක් - පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කරයි

උතුරු මැද විශාලතම ජලාශය ගැන ජනපතිගෙන් තීරණයක් - පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කරයි

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමට ''ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට නිල ආරාධනාවක් නැහැ''

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමට ''ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට නිල ආරාධනාවක් නැහැ''