අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමට ''ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට නිල ආරාධනාවක් නැහැ''

Report

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන විරෝධතා සහ සැමරුම් සඳහා තම පක්ෂයට නිල ආරාධනාවක් ලැබී නොමැති බැවින් ඒවාට පක්ෂයක් ලෙස සහභාගී නොවන බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, පක්ෂ සාමාජිකයන්ට හෝ පුද්ගලයන්ට තනි තනිව අදාළ විරෝධතාවලට සහභාගී වීමට කිසිදු බාධාවක් නොමැති බවයි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය සෑම වසරකම අගෝස්තු 30 වැනිදා ලොව පුරා සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් මේ දක්වා ප්‍රමාණවත් යුක්තිය ඉටුවී නොමැති බවද ITAK අවධාරණය කරයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා වත්මන් රජය කඩිනම් සහ ඵලදායී ක්‍රියාමාර්ග ගත යුතු බවද පක්ෂය පෙන්වා දෙයි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව උතුරු සහ නැගෙනහිර පළාත්වල විරෝධතා රැසක් සංවිධානය කර තිබේ.

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීම සහ යුක්තිය ඉටු කිරීම ඇතුළු ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු මැද විශාලතම ජලාශය ගැන ජනපතිගෙන් තීරණයක් - පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කරයි

උතුරු මැද විශාලතම ජලාශය ගැන ජනපතිගෙන් තීරණයක් - පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනම් කරයි

වාමාංශික දේශපාලනයේ වාසුදේවගේ භූමිකාව ගැන පොත එළිදැක්වීමේදී හරිනි කතා කරයි

වාමාංශික දේශපාලනයේ වාසුදේවගේ භූමිකාව ගැන පොත එළිදැක්වීමේදී හරිනි කතා කරයි