හිටපු පොලිස් සැරයන්ගේ අලුත්ම වෙළඳාම.
කොළඹ කොටහේන ප්රදේශයේ මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බව කියන පොලිස් තාවකාලික රියදුරු බලපත්ර පොතක් නිවසට රැගෙනවිත් එම රියදුරු බලපත්ර එකක් රුපියල් 5,000බැගින් වූ මුදලකට අලෙවි කළේ යැයි කියන හිටපු පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල පොල්ගහවෙල ප්රදේශයේ පදිංචි අවුරුදු 35 වයසැති හිටපු පොලිස් සැරයන්වරයෙක් වන අතර මොහු 2022 වසරේදී විෂමාචාර ක්රියාවක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් කර සිටින සැරයන්වරයෙක් බව පොලිසිය සඳහන් කරයි.
කොටහේන පොලිසියේ රථවාහන අංශයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකු තමා සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්ර පොත අස්තානගත වූ බවට පසුගිය වසරේ ඔක්තෝබර් මස දහවෙනිදා එම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.
ඒ අනුව හිටපු සැරයන්වරයා අහුලාගෙන පැමිණ ඇත්තේ මෙම තාවකාලික රියදුරු බලපත්ර පොත යැයි පරීක්ෂණවලින් අනාවරණය විය.