පොලිස් සැරයන්ගේ අලුත්ම රාජකාරිය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Sri Lanka Police Investigation
By Piyumika Jun 09, 2024 06:15 AM GMT
Piyumika

Piyumika

Report

ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරය මගින් අඩු මුදලට සහල් සහ සිල්ලර භාණ්ඩ ලබාදිය හැකි බව පවසා සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවමින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පැවසිය .

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අතිකාල දීමනා හා වෙනත් දීමනා ගෙවීම් ගත්ත ක්‍රමය එළියට..

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අතිකාල දීමනා හා වෙනත් දීමනා ගෙවීම් ගත්ත ක්‍රමය එළියට..

වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරි නිරත වූවෙක් වන අතර එම සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)

අදාළ සැකකරු රාජගිරියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ලබාදී තමන් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක හේරත් නිලධාරියා බව පවසමින් ව්‍යාජ හිතවත්කමක් ඇතිකරගෙන දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරයට ලැබෙන බිත්තර තොගයක් ඉතා අඩු මුදලට ලබා දිය හැකි බව පවසා එම ව්‍යාපාරිකයාව කැමති කරවාගෙන බිත්තර තොගය ලබාදීමට දෙමටගොඩට ගෙන්වාගෙන ඔහුගේ කල්ලියේ සෙසු සැකකරුවන් දෙදෙනාව ව්‍යාපාරිකයා අසලට යවා බිත්තර රැගෙන එනතුරු ලොරිය දෙමටගොඩ ප්‍රදේශයේම ස්ථානයක් පවසා, නතර කර තබාගන්නා බව දන්නවමින් ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් 90000 මුදලත් රැගෙන පලා ගොස් තිබිණි .