හරි ෂෝක් රැලියට පාර දෙපැත්තේ තණකොළ එල්ලලා කාගේ වැඩක්ද මේ [PHOTO]
විපක්ෂය විසින් සංවිධානය කරන ලද මහා ජන හඬ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව
ඇත. ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇත.
මේ අතර එම පෙර දින රාත්‍රියේ නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙනු නිරීක්ෂණය වී ඇත. නමුත් මේ ක්‍රියාවට සැබෑ හේතුව තවමත් හෙළි වී නොමැත.