ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට
By Shani
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ (03) දහවල් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11.830 පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු අවුරුදු 24ක පුද්ගලයෙකු වන අතර, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. මෙය පසුගිය ජනවාරි මාසයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව පෙනේ.