මේ මාර්ග ගමනාගමනයට භාවිතා කරන ඔබට මාර්ග තදබදයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්..

By Piyumika Dec 25, 2024 09:24 AM GMT
Report

අද (25) සවස දෙමටගොඩ පොලිස් වසමේ ඇතිවිය හැකි මාර්ග තදබදයක් සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහර හේතුවෙන් මාර්ග අවහිර වීමට ඉඩ ඇති බවය.

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..(VIDEO/PHOTO)

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..(VIDEO/PHOTO)

දෙමටගොඩ පොලිස් වසමේ ලුනාව දේවාල මහා විහාරස්ථානයේ වාර්ෂික නානුමුර මංගල්‍ය පෙරහර 71 වන වරට අද (25) දින සවස 06.00 සිට වීථී සංචාරය කිරීමට නියමිතය.

මෙම පෙරහර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන අතර ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

ඒ අනුව මෙම පෙරහර ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල භූමියෙන් ආරම්භ කර ඉංග්‍රම් හන්දිය, සද්ධර්ම මාවත, ඛෙත්තාරාම පාර, අඩි 100 පාර, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, ස්ට්‍රේස් පාර, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස් පාර, ඉඟුරුකඩේ හන්දිය, ඇප්රෝච් පාර, බණ්ඩාරනායක හන්දිය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

එබැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

මේ මාර්ග ගමනාගමනයට භාවිතා කරන ඔබට මාර්ග තදබදයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්.. | Police Issue Traffic Alert

මේ මාර්ග ගමනාගමනයට භාවිතා කරන ඔබට මාර්ග තදබදයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්.. | Police Issue Traffic Alert

You may like this video