හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

Skateboarding Switzerland Death World
By Piyumika Dec 25, 2024 08:54 AM GMT
Piyumika

Piyumika

Report

ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබේ.

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් විය.

සංශෝධිත අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ..

සංශෝධිත අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ..

ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ දී ඇත.

කෙසේ නමුත් ස්විට්සර්ලන්ත හිමමත ලිස්සායාමේ සම්මේලනය නිවේදනය කර සිටියේ, හෙඩිගර්ගේ පවුලේ අය සහ සහකරු සමග එකඟ වූ පරිදි හෙඩිගර්ගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු රහසිගතව තබා ගන්නා බවයි.

ලොව ත්‍රාසජනක ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවට හිමිවේ.

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..(VIDEO/PHOTO)

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..(VIDEO/PHOTO)

එහිදී කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති හෙඩිගර්, 2023 වසරේ අමෙරිකාවේ පැවති ශීත ඍතු ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට සහභාගි වී රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබේ.

එමෙන්ම 2022 වසරේ චීනයේ පැවති ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගි වී ඇති අතර, 2023-24 වාරයේ පැවැත් වූ ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි එය අවසන් කිරීමට ද සමත්ව තිබේ.

You may like this video

ReeCha