හයෙෂිකා ගුරුවරියගේ නෙලූ පිළිමයක් රු.25000කට?
මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක ගත කරමින් පන්ති පවත්වන හයෙෂිකා ගුරුවරිය. ඇය පසුගියදා ඇයගෙන් ඉගෙන ගෙන ශිෂත්ව විභාගය සමත් වූ සහ විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂී වූ උත්සව සංවිධානය කළා.
එයාකාරයෙන් මෑතකදී එහෙමත් නැත්නම් පසුගියදා පැවැත්වුණු මේ උත්සවයක් නිසා ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා.ඒකට හේතුව ඇය මෙම උත්සවයට සහභාගී වුණේ පොලිස් ආරක්ෂාව සමග වීම නිසයි. ඒ ආකාරයෙන් පෞද්ගලික කටයුත්තකට පොලිස් ආරක්ෂාව ලබාගන්න පුළුවන්ද කියන දේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා.
ඒ දේවල් එක්ක අනාවරණය වූ කරුණක් තමයි ඇය මුදල් ගෙවා පෞද්ගලිකව එම සේවාව ලබාගත් බව. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මේ පිළිබඳව විමර්ශන සිදුකරන අතර ඇය තමන්ගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් මේ සේවය අවභාවිතා කරා නම් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සූදානම්.
මේ කතාබහත් එක්ක සමාජයේ නැවත වතාවක් ප්‍රසිද්ධ වුණු මෙම ගුරුවරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් කටකතා නිර්මාණය වුණා.ඒ අතරින් ප්‍රසිද්ධම කටකතාව තමයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවන් වෙනුවෙන් ඇයගේ රූපය සහ ශරීර දේහය නිසි අනුපාතයට ගෙන සකස් කෙරූ පිළිමයක් වෙළඳපළේ අලෙවි කිරීමට ඇති බව. මෙම පිළිමයක් දළ වශයෙන් රුපියල් 25000ක් පමණ වන අතර මේ සම්බන්ධයෙන් එම ගුරුවරිය ද අදහස් ඉදිරිපත් කර තිබුණා.
ඇය කිව්වේ සමාජ මාධ්‍යවල වීවූස් ලබා ගැනීමේ අරමුණින් ප්‍රචාරය වන මෙම පුවතට ඇය කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් එය ඇයගේ චරිතයට හානි කරන ආකාරයෙන් නිර්මාණය වූ කටකතාවක් බවත්ය. එම නිසා එවැනි දේවල් වලට රැවටීම සිදු නොකරන ලෙස ඇය සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටීම.







