විශේෂ මෙහෙයුමක් - දහස් ගණන් ආයුධ සොයාගනී

Report

2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් හරහා සමස්තයක් ලෙස ගිනිඅවි 2,341ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඒ අතර ටී56 ගිනිඅවි 73ක්, රිවෝල්වර 59, වෙනත් ගිනිඅවි 2,126 ඇතුළත් බවයි.

වසරේ මේ දක්වා සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 1,793ක් ග්‍රෑම් 139ක්, අයිස් කිලෝ 3,683ක් ග්‍රෑම් 163ක්, ගංජා කිලෝ 16,686ක් ග්‍රෑම් 62ක ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන ඇත.

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

එමෙන්ම කොකේන් කිලෝ 37ක් ග්‍රෑම් 899ක්, හෂීස් කිලෝ 746ක් ග්‍රෑම් 673ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර ජනවාරි 01වනදා සිට මේ දක්වා පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 790,461 පරීක්ෂා කර ලක් කර ඇති බව ද පොලීසිය පැවසීය.

එහිදී විවිධ අපරාධ සම්බන්ධ පුද්ගලයින් 6,641ක්, අධිකරණ නියෝග හරහා වරෙන්තු නියෝග කළ පුද්ගලයින් 73,634ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පුද්ගලයින් 48,345ක් සඳහා විවෘත වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකි වූ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.  

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්