දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2500ක්
අද (25) දින ලෝකවාසී සැමට නත්තල් දිනය උදාවිය.
ඒ අනුව බස්නාහිර පළාතේ නත්තල් උත්සව සමයේ දේවස්ථාන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2,500 ක් යොදවා ඇති බවට සඳහන්.
එමෙන්ම සියයට 75 ක පමණ පොලිස් නිලධාරීන් විශේෂයෙන් දේවස්ථාන ආරක්ෂාව සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යු. වුට්ලර් සඳහන් කළේය.
පොලිසිය සියලු ජනතාවගෙන් නත්තල් උත්සවය සාමකාමී සහ ආරක්ෂිතව සමරන ලෙස ද ඉල්ලා සිටී. ඒ වගේම නත්තල් දිනය නිමිත්තෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.