නිධන් හාරන්න මහනුවරින් ගිය කට්ටඩියා මාට්ටු..
By Piyumika
වවුනියාවේ ඕමන්ත විලත්තිකුලම් ප්‍රදේශයේ මහ කැළයක තිබූ ඉපැරණි නිධානයක් ගොඩ ගැනීමට උත්සහ කරමින් සිටි කට්ටඩියෙකු ඇතුලු පස් දෙනෙකු ඕමන්ත පොලීසිය විසින් පසුගියදා (7) අත්අඩංගුවට ගෙන ඇත.

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළුව දෙදෙනෙක් මරුට ප්‍රසිද්ධ ගායිකාවකට බරපතලයි ..(UPDATE/CCTV)
ඕමන්ත පොලිස් ස්ථානාධිපති ජයතිලකට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් රාත්රියේදී එම කැළයට ගොස් විපරම් කිරීමේදී කට්ටඩියා මතුරමින් නිධානය ගොඩ ගැනීම සදහා පූජා තබමින් සිට තිබුණි .
පොලිස් නිලධාරීන් අදාළ පිරිස හා නිධානය හෑරීමට රැගෙන එන ලද උපකරණ කීපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, කට්ටඩියා මහනුවර සිට ඕමන්ත ප්‍රදේශයට පැමිණි අයෙකු බව සනාථ කරගෙන තිබේ .
අනෙක් සැකකරුවන් සිව්දෙනා වවුනියාවේ ඕමන්ත හා තවසිකුලම් යන පළාත් වල පදිංචිකරුවන්ය.
මෙම පස් දෙනා පැමිණි වාහනයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ .