ගල්කිස්ස පොලිස් අධිකාරි කර්යාලයේ ගින්නෙන් දේපළ රැසකට හානී..

By Piyumika Jul 08, 2024 06:47 AM GMT
Report

ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී (එක) කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහන් පුෂ්ප කුමාර කාර්යාලය තුළ සිට නැති බවයි සඳහන්වනුයේ.

මුනුපුරා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ බිරිඳ මිත්තණියට කරපු දේ..

මුනුපුරා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ බිරිඳ මිත්තණියට කරපු දේ..

සිදු වූ ගින්නෙන් පරිගණක , ලිපිගොනු සහ දේපළ රැසකට හානි සිදුවී ඇත.

ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

මුනුපුරා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ බිරිඳ මිත්තණියට කරපු දේ..

මුනුපුරා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ බිරිඳ මිත්තණියට කරපු දේ..

ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වයි .

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.