අයිස් සමග පුද්ගලයෙක් පොලිස් දැලේ

Sri Lanka Police Google Crime Drugs
By Lakshika May 04, 2025 06:28 AM GMT
Lakshika

Lakshika

Report

අරනායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේදී අරනායක  පොලිසියට  ලද තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

අදාළ සැකකරු අරණායක, අරම ප්‍රදේශයේ 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

ඔන්න හිටපු ඇමතිවරුන් හය දෙනක්ව හිරේ දාන්න සියල්ල සූදානම්ලු

ඔන්න හිටපු ඇමතිවරුන් හය දෙනක්ව හිරේ දාන්න සියල්ල සූදානම්ලු

සැකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් බාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන්නියක් වන දිලිනි නැමැත්තිය විසින් මෙරටට එවන ලද ඒවා බවට පොලීසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ අල්මාරියක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇත. 

මෙම සැකකරුට වාහන 40කට අධික ප්‍රමාණයක් පැහැර ගැනීමේ චෝදනාව ඇතුළුව විවිධ අපරාද සම්බධයෙන් අධිකරණයෙන් වැරදි කරුවකු වූ අයෙකු බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

ගුවන් යානයක් කිඹුලන් පිරි වගුරකට වැටෙයි (PHOTO)

ගුවන් යානයක් කිඹුලන් පිරි වගුරකට වැටෙයි (PHOTO)

අත්අඩංගුවට ගත් සැකකරු අද  මාවනැල්ල දිසා මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 රැඳවුම් නියෝග ලබාගනිමින් වැඩිදුර විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බව පොලීසිය සදහන් කරනවා.

ReeCha