ඔන්න හිටපු ඇමතිවරුන් හය දෙනක්ව හිරේ දාන්න සියල්ල සූදානම්ලු

Report

හිටපු අමාත්‍යවරුන් හය දෙනකුට එල්ලවන දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වී ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම පරීක්ෂණ සිදු කර ඇත.

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

ඒ අනුව, ඉදිරි දිනවලදී මොවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම චෝදනා එල්ල වී ඇත්තේ කුරුණෑගල, මහනුවර, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්වල හිටපු අමාත්‍යවරුන් පස්දෙනකුට සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිවයි.

ඇතැම් පුද්ගලයින් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු