නරේන්ද්‍ර මෝදීගෙන් විශේෂ ඉල්ලීම් කීපයක් - සියලු ජනතාවට දැනුම්දීමක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්දීය ආර්ථිකයට එල්ල විය හැකි දැඩි බලපෑම් අවම කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීම් මාලාවක් සිදුකර තිබේ.

විශේෂයෙන්ම ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාම අඩාල වීම නිසා ඉන්දීය රුපියලේ අගය පහත වැටීම වැළැක්වීම සහ විදේශ විනිමය සංචිත සුරක්ෂිත කරගැනීම මෙම පියවරයන්හි මූලික අරමුණ වී ඇත.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් භාවිතය උපරිමයෙන් සීමා කරන ලෙසත්, ඒ වෙනුවට දුම්රිය, විදුලි වාහන හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

බලශක්ති පිරිමැස්ම සඳහා හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කිරීමට (Work from Home) යොමුවන ලෙස උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා, ගොවිතැන් කටයුතුවලදී ඩීසල් ජල පොම්ප වෙනුවට සූර්ය බලශක්තියෙන් ක්‍රියාකරන උපකරණ භාවිත කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගැන සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගැන සුභ ආරංචියක්

එසේම රටින් පිටතට මුදල් ගලායාම පාලනය කිරීම සඳහා විදේශ සංචාර සහ විදේශයන්හි පවත්වන මංගල උත්සව සීමා කර ඒ වෙනුවට දේශීය සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට දායක වන ලෙස ද ඔහු අවධාරණය කළේය.

විදේශ විනිමය මත ඇති පීඩනය අවම කිරීම සඳහා වසරක කාලයක් යනතුරු අත්‍යාවශ්‍ය නොවන රන් ආභරණ මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, රසායනික පොහොර භාවිතය අවම කර දේශීය කෘෂිකර්මාන්තයට වැඩි ඉඩක් ලබා දෙන ලෙසත් මෝදි මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අයට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

මේ අයට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

මැදපෙරදිග යුද්ධය නිසා ඉහළ යන තෙල් මිල හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම කැපකිරීම් "ජාතික වගකීමක්" ලෙස සලකා ඉටුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලුම ඉන්දියානුවන්ගෙන් ඉල්ලා තිබේ.