යෝෂිතට O/L සිංහල S නිසා අවශ්‍ය සුදුසුකම් වෙනස්කරලා සහතික පරික්ෂා කරලත් නෑ - වෙනස් කතාවක් උසාවියේදී එළියට

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට නිසි අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳීමට අනුබල දීමේ සිදුවීම සම්බන්ධයෙන්, හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (03) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ ඔහුව රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, සැකකරුට විදේශගත වීම වැළැක්වීමේ තහනමක් ද පනවනු ලැබීය.

අදාළ චෝදනාවලට අනුව, 2006 වර්ෂයේදී කිසිදු සුදුසුකමකින් තොරව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයේ නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමටත්, සාමාන්‍ය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ විශේෂ පුහුණු පාඨමාලාවකට යොමු කිරීමටත් වසන්ත කරන්නාගොඩ මහතා ක්‍රියා කර තිබෙන බවට සඳහන්.

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වැනිදා අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ද දැනට ඇප මත පසුවේ.

ඒ අනුව විමර්ශන කටයුතු සඳහා ඊයේ (03) අල්ලස් කොමිසම හමුවට කැඳවූ හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි ඇත්තේ, සාමාන්‍ය වැසියෙකු ලෙස සිටි යෝෂිත රාජපක්ෂව නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා එවකට නාවික හමුදාපතිවරයා වූ කරන්නාගොඩ මහතා අවස්ථා දෙකකදීම බඳවාගැනීමේ මූලික සුදුසුකම් නිර්ණායක වෙනස් කර ඇති බවයි.

අනෙකුත් අයදුම්කරුවන්ගේ සහතික විභාග දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂා කළ ද, යෝෂිත රාජපක්ෂගේ සහතික එලෙස පරීක්ෂා කර නැති බව සඳහන් වේ.

සාමාන්‍ය පෙළ සිංහල විෂය සඳහා සම්මාන සාමාර්ථයක් (C) තිබීම අනිවාර්ය වුවද යෝෂිත රාජපක්ෂට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) පමණි.

පසුව දෙවන වරටත් දැන්වීම් වෙනස් කරමින් ඔහුගේ සුදුසුකම්වලට ගැළපෙන සේ නීති ලිහිල් කර ඇති බව ඇය පෙන්වා දී ඇති බවට වාර්තාවේ.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුට ඇප දීමට පැමිණිල්ලේ විරුද්ධත්වයක් තිබේදැයි විමසූ අතර, විමර්ශන අවසන් අදියරේ පවතින බැවින් තවත් ප්‍රකාශ කිහිපයක් ගැනීමට ඇති නිසා ඇප දීමට විරුද්ධ වන බව අල්ලස් කොමිසම පැවසීය.

වැඩි පඩියකට රජයේ ජොබ් එකකට යන්න බලන් ඉන්න ඔයාට රජයෙන්ම නියම චාන්ස් එකක්

වැඩි පඩියකට රජයේ ජොබ් එකකට යන්න බලන් ඉන්න ඔයාට රජයෙන්ම නියම චාන්ස් එකක්

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප ඉල්ලමින් කියා සිටියේ, එදා යුද සමයේ රටේ නායකයාගේ පුත්‍රයා හමුදාවට බැඳීම අනෙක් දෙමාපියන්ට උත්තේජනයක් වූ බැවින් මෙම බඳවාගැනීම සිදුවූ බවයි.

තවද සැකකරුගේ බිරිඳ දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් ඇයව රැකබලා ගැනීමට පවුලේ වෙනත් අයෙකු නොමැති නිසා ඇප දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, නඩුව නැවත එළඹෙන අගෝස්තු මස 04 වැනිදා කැඳවීමට නියමිතය.