තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.

මෙම සුවිශේෂී ආගමික හමුව සඳහා වට් ෆ්‍රා චෙතුෆොන් විමොල්මංග්කලාරාම් රාජවරමහාවිහාරයේ නියෝජ්‍ය විහාරාධිපති මෙන්ම මහාචුලාලොංකෝර්න්රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධූරය දරන අතිපූජ්‍ය ෆ්‍රා ධම්මවජිරපණ්‍යාචාර්ය මහථෙර හිමිපාණන් ඇතුළු තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශතවර්ෂ ගණනාවක සිට පවතින ඓතිහාසික බෞද්ධ සබඳතා, ආගමික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සාකච්ඡාව අවසානයේදී දෙරටේ පොදු බෞද්ධ උරුමය, සංස්කෘතික වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මැනවින් පිළිබිඹු කරමින්, තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් විසින් විශේෂ සමරු තිළිණ සහ සිහිවටන කිහිපයක් ද අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ