බහුතර බලය අල්ලන්න එක එක විගඩම්...ඒ අතරෙ ආණ්ඩුවත් යටින් ගේම ගහයි

Report

මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර පුංචි ආණ්ඩු සෑදීමට ආණ්ඩුව මේ වන විට රහස් කතා පවත්වන බව වාර්තා වේ.

මේ සඳහා හේතු වී ඇත්තේ ඉකුත් දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබීමයි.

[OZEFJKT

මේ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම වෙනුවෙන් පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවත් සඳහන්.

ඒ අනුව විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීමට සැලසුම් සකස් කරමින් පවතී.

ඒ පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙනයි.

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

තවද ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළ ද තේරී පත්වූ සභිකයන් සමඟ සාකච්ඡා කරමින් සිටියි.

ඒ ඔවුන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීමේ අරමුණින්.

වැඩිදුරටත් ආරංචි වූයේ ජනාධිපතිවරයා සමඟ ස්වාධීන කණ්ඩායම් සාකච්ඡා කීරීමට මෙන්ම එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය මෙන්ම මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟත් තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බවට වාර්තා වේ.

අයහපත් කාලගුණය නිසා 19 දෙනෙක් ජීවිතක්ෂයට...පහත් ප්‍රදේශ රැසක් යට වෙයි

අයහපත් කාලගුණය නිසා 19 දෙනෙක් ජීවිතක්ෂයට...පහත් ප්‍රදේශ රැසක් යට වෙයි