ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට

Report

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ.

යානයේ සිටි මගීන් සංඛ්‍යාව 8ක් වන අතර, ඒ අතර සිවිල් වැසියන් 4 දෙනෙකු සහ මෙක්සිකෝ නාවික හමුදාවේ සාමාජිකයන් 4 දෙනෙකු සිටි බවට වාර්තා වේ.

අනතුරෙන් පසු පස් දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් අතර දෙහැවිරිදි දැරියක්ද අයත් බව සඳහන් වේ.අනතුරෙන් නිරුපද්‍රිතව මුදාගත් මගීන් 2 දෙනෙක් සිටින අතර, තවමත් අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද වාර්තා වේ.

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

මෙක්සිකානු නාවික හමුදාව පවසන්නේ, මෙම යානයේ සිටි පුද්ගලයන් පිලිස්සුම් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර සැපයීමේ කඳවුරකට සහාය ලබා දීමට යානය ගමන් කරමින් සිටි බවයි.

අනතුර සිදු වීමට හේතු වූයේ කලාපයේ පැවති ඝන මීදුම බවට බලධාරීන් සැක පළ කරති. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.

කීරි සම්බා සහ සම්බා වී මිල ඉහළට - නාමල්

කීරි සම්බා සහ සම්බා වී මිල ඉහළට - නාමල්