පුද්ගලයින් 61 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි..61ක් දෙනාම මරුට..බිහිසුණු ගුවන් අනතුර මෙන්න.(UPDATE/PHOTOS)

Brazil Fire Accident World
By Aruna Aug 10, 2024 12:57 AM GMT
Aruna

Aruna

Report

Update 

පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව මේ වන විට ලැබෙන තොරතුරු අනුව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, Voepass ගුවන් සේවය මුලින් යානයේ 62 දෙනෙකු සිටි බව වාර්තා කළ ද පසුව එම සංඛ්‍යාව 61 දක්වා සංශෝධනය කර ඇති අතර, යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි.

..................................................................

පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව වාර්තා වනවා.

මෙම යානය කඩා වැටුණේ සාඕ පාවුලෝ ප්‍රාන්තයට බවයි පැවසෙන්නේ.

මෙලෙස කඩා වැටුණු යානය, වෝපාස් ලිහ්හාස් ගුවන් සමාගමට අයත් ඒ.ටී.ආර්. 72 වර්ගයේ ගුවන් යානයක් බවයි පැවසෙන්නේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


සාවෝ පාලෝ හි ගුවන් තොටුපල දක්වා අද පෙරවරුවේ එරට වේලාවෙන් පෙරවරු 11.00ට පමණ පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය හදිසියේ ම නිවාස සංකීර්ණයක් ආසන්නයේ භූමියකට ගොඩ බෑමට උත්සාහා කර තිබේ.

එහිදී ගුවන් යානය අනතුරට ලක්ව ගිනි ගෙන ඇත.

එම අවස්ථාවේ, යානයේ සිටි 62 ගෙන් 58 දෙනකු මගීන් බවත්, සෙසු පිරිස කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් වාර්තා වන්නේ.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha