බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ,මෙම නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දී වීම මෙහි සුවිශේෂත්වය යි.
එලෙස ,වෙඩි තබා ඝාතනය කෙරුණේ කොඩියා නමැති නගරයේ නගරාධිපතිනී යොලැන්ඩා සැන්චේස්ය.
යොලැන්ඩාගේ ඝාතනය සිදුවූයේ මෙක්සිකෝවේ පැවැති ජනාධිපතිවරණයෙන් පාලක පක්ෂය නියෝජනය කළ ක්ලෝඩියාෂිබවුම් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමෙන් පසුව ය.
කෙසේ වෙතත්, සැන්චේස් 2021 වසරේ සිට කොඩියා වනගරයේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය.
ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාර්ගයක ගමන් කරමින් සිටිද්දී බව ද වාර්තා වේ.