අර්චුනාට වැඩ වරදී - අර්චුනා ඇතුළු 6 දෙනෙකුට අධිකරණයෙන් නියෝග
කල්මුණේ උතුරු ප්‍රාදේශීය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ගුණසිංහම් සුගුණන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට අදාළව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා, හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. හරීස් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණි. ඒ අනුව, නඩුව අවසන් වන තුරු අදාළ පුද්ගලයින් 6 දෙනාට සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කරුණු පළ කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
එම පුද්ගලයින් 6 දෙනාට ඔක්තෝබර් 12 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුගුණන් සහ ඔහුගේ පවුලේ අය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක සහ තහනම් අදහස් පළ කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
ඉන් අනතුරුව, වෛද්‍ය සුගුණන් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. හරීස් සහ තවත් අයට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. 22 වන දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ කනකලිංගම් කිසෝපන යන මහත්වරුන් පෙනී සිට කරුණු දැක්වූහ.
මේ අතර, මෙම නඩුවට අදාළව කොන්දේසි සහිත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා නඩුව සැප්තැම්බර් 28 වන දින දක්වා කල් තබන ලදී. ඒ අනුව, ඊයේ (28) විවෘත අධිකරණයේදී නඩුව නැවත විභාගයට ගන්නා ලදී.