ජනපති වෛරය හා අසමඟිය පතුරවනවා කියා පිවිතුරු හෙළ උරුමේ CID ගිහින්
වෛරය හා අසමඟිය පතුරවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට ජනාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස අද (19) පිවිතුරු හෙළ උරුමය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ වගේම පසුගිය දිනක යාපනයේ කොකුවිල් තාක්ෂණ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවති ජන හමුවක් අමතින් කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදුකරන ලද කතාවක ජාතීන් අතර වෛරය සහ අසමඟිය ඇති කරන ප්‍රකාශයක් ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ .
ජනාධිපතිගේ ධුර කාලය අවසන් වූ පසු මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව පැමිණිලිකරුවන් මෙහිදී කියා සිටියි.