අනුරලා ලාල්කාන්තලා අද විපක්ෂයේ හිටියා නම් රටම ගිනි තියලා හිටපු මන්ත්‍රී ජගත්ගෙන් චෝදනා

Report

 අධ්‍යාපන ප්‍රතිසංකරණ මුළු මහත් ජාතියේම අවධානය යොමුවෙලා මෙයට විරුද්ධ වෙලා විරෝධය එන්න ආරම්භ වු විට ආණ්ඩුවට එය හකුළා ගන්න සිදු වූ බව හිටපු මන්ත්‍රී ජගත් චෝදනා කර තිබේ.

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් 

'' සමහර අය කියන්න හදනවා අධ්‍යාපන ප්‍රතිසංකරණ හකුළ ගත්තා කියලා ඒත් අපි කියන්නේ හකුළ ගත්තා නෙමේ . මේ අධ්‍යාපන ප්‍රතිසංකරණ රටට දරුවන්ට අවැඩක් වෙලා තිබුණු නිසා මුළු මහත් ජාතියේම අවධානය යොමුවෙලා මෙයට විරුද්ධ වෙලා විරෝධය එන්න ආරම්භ වුණා විතරයි ආණ්ඩුවට සිද්ධ වුණා අකුල ගන්න. ආණ්ඩුවට දැනුණා මීට වඩා වි‍රෝධතා රැල්ලක් එනවා කියලා. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය ගැන විතරයි ඒ ගොල්ලෝ තීන්දු ගන්නවා කියලා කියන්නේ. හැබැ‍යි අපි පැහැදිළිවම කියන්න ඕනෙ ආණ්ඩුවට මේ රටේ ජනතාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවයක් තියනවා වෙන්න පුළුවන් හැබැ‍යි ඒක මේ කඩි මුඩියේ ඒ ගොල්ලොන්ගේ පක්ෂයේ හිතවතුන් දෙතුන් දෙනෙකුට ඕනේ විදිහට , එහෙම නැත්න්ම කිසිදු අවබෝධයක් නැති පිරිසක් දාලා මේක අනාගන රටේ දරුවෝ අනාථ කරන්න ලැහැස්ති වෙන්න එපා. ආණ්ඩුව ගෙදර යාමේ අවසානය දක්වා මේ විරෝධය මතුවෙන්න තිබුණා.

අනුර කුමාර මහත්තයලා ,ලාල් කාන්ත මහත්තයලා විපක්ෂයේ හිටියනම් රට ගිනි තියන්න තිබුණා. රටට මෙවැනි දෙයක් වෙනකොට එදා මුළින්ම විරෝධය දැක්වුවෙ අනුරලා ලාල් කාන්තලා තමයි .

මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් කියනවා අපි පොඩි වුණාට ලොකු වැඩ කරනවා කියලා ඔව් ඉතිං ළිදේ ගෙම්බා දන්නේ ළිදේ වට ප්‍රමාණය විතරනේ.  ''