මේ රාජ්‍ය සේවකයන් අසනීප නිවාඩු යයි - දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩවර්ජනයක
අද (21) සංකේත වැඩවර්ජනයක නිරත වෙමින් දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇත.
මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින්ය.
රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති
පෙරේදා (19) රාත්‍රියේ රැස්වූ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළේ ඊයේ (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ලිපියක්ද යොමු කර ඇත.
අදාළ ලිපිය පහතින්,
දිවයින පුරා PHIලා අද සංකේත වැඩවර්ජනයක by ashfa