පිලිපීනය චීන මාධ්‍යයට දෙහි කපයි

By Zara Mar 07, 2025 08:16 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, පිලිපීන යාත්‍රාවක් දකුණු චීන මුහුදේ ජලය හිතාමතාම දූෂණය කරන බවට කරන ලද ප්‍රකාශයෙන් පසු චීන රාජ්‍ය මාධ්‍ය නොමඟ යවන තොරතුරු සහ ප්‍රචාර සතුරුවා හරින බවට පිලිපීන නිලධාරීන් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

China Global Television Network (CGTN) සෙනසුරාදා දර්ශන නිකුත් කළ දර්ශන අනුව මතභේදයට තුඩු දී ඇති දෙවන තෝමස් ෂෝල් හි BRP Sierra Madre නෞකාවෙන් වෙතින් දුමාරය ඉහළ යන ආකාරය පෙන්නුම් කරනවා.

වසර ගණනක් පැරණි එම පිලිසින නාවික හමුදා නෞකාවේ ස්ථානගත කර ඇති පිලිපීන මැරීන් භටයින් විසින් කසල පුළුස්සා දැමීමෙන් දුමාරය ඇති වී ඇති බව මෙහිදී වාර්තාව පෙන්වා දී ඇති අතර " පිලිපීන හමුදා යාත්‍රාවක දැවෙන ක්‍රියාකාරකම් හේතුවෙන් සැලකිය යුතු දුමාරයක් නිරීක්ෂණය විය," යනුවෙන් CGTN සමාජ මාධ්‍යවල ප්‍රකාශ කළ බවයි පිලිපීනය චෝදනා කරන්නේ.

ඊට පිළිතුරු වශයෙන් පිලිපීන කාර්‌ය මණ්ඩලය විසින් පරිසර දූෂණය සිදු කරන බවට චීන රාජ්‍ය මාධ්‍ය විසින් කරන ලද චෝදනා පිලිපීන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට සුලිකුනාටුවක්!

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට සුලිකුනාටුවක්!

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට