අද සිට මෙරට පෙට්රල් ලීටරයක් රුපියල් 793 කට අලෙවි කරයි..ලංකාව ලෝකයේ 8 වන රට බවට පත්වෙයි..
Fuel Price In Sri Lanka
Lanka IOC
Sri Lanka Fuel Crisis
Fuel Price In World
By Aruna
ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්රල් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකාව මෙම පෙට්රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එම සමාගම කියා සිටින්නේ, නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්රමාණයක් සමග ඉහළ එන්ජින් ක්රියාකාරීත්වයක් අත්විඳිය හැකි බවයි.
මෙම වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 793කට අලෙවි කරනු ලබයි.