පේරු රාජ්‍ය­යට හදිසි තත්ත්ව­යක්

Report

පේරුවේ අන්තර්වාර ජනාධිපති ජොසේ ජෙරී, රටේ ව්‍යාප්ත අපරාධ රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් ලිමා අගනුවර හා ඒ ආසන්න කැලාඕ පළාතේ දින 30ක කාල සීමාවකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පියවර රටේ සාමය යළි උදා කිරීමට මෙන්ම මිලියන ගණනාවක ජනතාවගේ විශ්වාසය රැක ගැනීමේ අරමුණින් ගත් බව ඔහු රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා ප්‍රකාශ කළේය.

පේරු රාජ්‍ය­යට හදිසි තත්ත්ව­යක් | Peru Troops Patrol Lima As Emergency Begins

දින 30ක මෙම කාල සීමාව තුළ අපරාධ රැල්ල සම්පූර්ණයෙන් තුරන් කිරීමට හමුදාව සමත් වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇති අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන මහජන සාමය පවත්වාගැනීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යෙදවීමට නියෝග නිකුත් කර තිබේ. හදිසි තත්ත්වය යටතේ අදාළ පළාත්වල හමුදාව යෙදවීමට මෙන්ම මහජන ඒකරාශීවීම් සීමා කිරීමට ද පියවර ගෙන ඇත.

වසර ගණනාවක් පුරා පේරුවේ ව්‍යාප්ත වූ අපරාධ රැල්ල මැඩපැවැත්වීමට රජය අසමත්වීම හේතුවෙන් එරට තරුණ පරපුර මාස ගණනාවක සිට අඛණ්ඩව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින අතර, වැඩබලන ජනාධිපතිවරයා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළේ එම විරෝධතා සැලකිල්ලට ගනිමින් බව වාර්තා වේ. අපරාධ රැල්ල මැඩපැවැත්වීමට පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපතිනිය ඩිනා බොලුවාර්ටේ දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙරපා හැරීම දක්වා ඇදී ගොස් තිබිණි.

පේරු රාජ්‍ය­යට හදිසි තත්ත්ව­යක් | Peru Troops Patrol Lima As Emergency Begins

පේරුවේ පළමු කාන්තා ජනාධිපති ලෙස 2022දී පත්වූ ඩිනා බොලුවාර්ටේ, අපරාධ රැල්ලට එරෙහිව පියවර නොගැනීම හේතුවෙන් තරුණ පරපුර වීදි බැස දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගියේය. ඇයට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර, එය සම්මතවීමට ඡන්ද 87ක් අවශ්‍ය වුවද, ඡන්ද 122ක් ලැබී තිබේ.    

අපරාධ රැල්ල මැඩපැවැත්වීමට පියවර ගන්නා බවට වැඩබලන ජනාධිපති ජෙරී පසුගිය සතියේදී දිවුරුම් දෙමින් ප්‍රකාශ කළද, ඔහු බලයට පත්වී දින දෙකක් ඇතුළත නැවත විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගියේය. එම විරෝධතා අතරතුර පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, විරෝධතාකරුවන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

පේරු රාජ්‍ය­යට හදිසි තත්ත්ව­යක් | Peru Troops Patrol Lima As Emergency Begins

මෙම හදිසි තත්ත්වය යටතේ ලිමාවේ මෝටර් සයිකල්වල දෙදෙනෙකු එකවර සංචාරණය වැළැක්වීම ද ඇතුළත් වන අතර, එය වෙඩි තැබීම්වලදී බහුලව භාවිතා වන ක්‍රමයකි. විශේෂඥයන් පවසන්නේ, මෙවැනි හදිසි තත්ත්ව ප්‍රකාශනයන් පෙරදී ද සිදුවුවද, අපරාධ අඩුවීමක් සිදුව නොතිබූ බවයි. 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඝාතන 1,690ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරට වඩා වැඩි බව දැක්වේ.