ඔයත් වඩේ පෙරේතයෙක්ද..එහෙනම් පරිස්සමින්..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Nov 21, 2024 11:07 AM GMT
Piyumika

Piyumika

Report

 වඩයක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති වීමෙන් හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරලුගොඩ පාරේ පදිංචි අයෙකි. ඔහු පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු බවයි පොලිසිය පවසන්නේ.

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන බිරිඳ හා වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ අය සමග මොහු ආහාර ගනිමින් සිට තිබෙනවා.

එහිදී සැහැල්ලු ආහාරයක් ගැනීමට අවශ්‍ය බව පවසා වඩයක් ආහාරයට ගන්නා අතරතුර හදිසියේම කැස්සක් හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී කැස්ස නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර ලබා දුන්නද ඉන් ඵලක් නොවී ක්‍රමයෙන් අසාත්මික තාවයක් හටගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය භාවිතය පිළිබද ගත් තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත වේ..මෙන්න මේ අයට සමාජ මාධ්‍ය තහනම්..

සමාජ මාධ්‍ය භාවිතය පිළිබද ගත් තීරණය පාර්ලිමේන්තුවෙන් සම්මත වේ..මෙන්න මේ අයට සමාජ මාධ්‍ය තහනම්..

පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇතිි බවයි.අනතුරුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය හුවමාගම මූලික රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි

ReeCha