සැරයන්ට පහර දීලා මදිවට,අත්අඩංගුවට ගත්තොත් සියදිවි නසා ගන්නවයි කියා අයෙක් කොස්ගහක් මුදුනේ විරෝධයක...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jun 26, 2024 09:00 AM GMT
Piyumika

Piyumika

Report

පූජාපිටිය පොලිස් සැරයන්වරයෙකුට මුගුරකින් පහරදී බරපතළ තුවාල සිදුකර ගසක් මතට නැඟ විරෝධතාවයක් සිදුකරමින් සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට..

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට..

අදාළ පුද්ගලයා හිටපු යුද හමුදා සෙබළෙක් වන අතර සිය සහෝදරයා සමග පැවති ආරවුලක් හේතුවෙන් පූජාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (25) පස්වරුවේ පොලිස් සැරයන්වරයෙකු පැමිණි අවස්ථාවේ දී සැකකරු මුගුරකින් සැරයන්වරයාට පහරදී තිබේ.

බරපතළ තුවාල ලැබු සැරයන්වරයා මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

පසුව සැරයන්ට පහරදීම හේතුවෙන් තමාව අත්අඩංගුවට ගනී යැයි බියට පත්ව සැකකරු නිවස අසල කොස් ගසක මුදුනටම නැඟ ගසෙන් පැන සියදිවි නසාගන්නා බව පවසමින් පොලීසිය හා ප්‍රදේශවාසීන් ට තර්ජනය කර ඇත.

අධික වර්ෂාව පැවතියත් එම සැකකරු බිමට බැස නොමැති අතර, විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව ඔහු අද බිමට බැස තිබේ.

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

ඒ අනුව පොලීසිය එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.