පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාග්ත් චෝදනාවටය.

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

එලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයෙකි.

මහනුවර හන්තාන පාර පදිංචිකාරියක් ඇය පදිංචි නිවසේ ඇයගේ කැමැත්තෙන් තොරව නිවසෙන් කාමර දෙකකට ඇයගේ පුතාගේ නමට විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමේදී විදුලි බල මණ්ඩලයට ග්‍රාම නිලධාරී විසින් ලබාදිය යුතු පදිංචි සහතිකය ලබා නොදී සිටීමට සැකකාර ග්‍රාම නිලධාරීවරයා විසින් අදාළ මුදල ඉල්ලා එකී මුදල ඔහුගේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.