වහාම දැනගන්න.. මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

By krishani Sep 16, 2024 06:06 PM GMT
Report

මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන බැංකුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ය.

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


මහජන බැංකුවේ මූලික තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට අදාළව අයථා ගනුදෙනුවක් සිදුවෙමින් ඇති බවට පසුගියදා එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සදහන් කරුණු පැහැදිලි කර සිටියි.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව මෙම වෝදනා මුලුමනින්ම පදනම් විරහිත වන බවත් කිසිදු ආකාරයක අයථා ක්‍රියාවලියකට මහජන බැංකුව සම්බන්ධ වී නොමැති බවත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මහජන බැංකුව අදාළ චෝදනාව පිළිබඳව පහත සදහන් කරුනු අවධාරණය කර සිටියි.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


• දැනට භාවිතයේ පවතින මූලික බැංකුකරණ තොරතුරු තාක්ෂණ පද්ධනිය ප්‍රථම වරට 2004 දී ක්‍රියාත්මක කරන ලද අතර, එය ඩිපිටල් බැංකු ක්ෂේත්‍රය තුළ මහජන බැංකුව ප්‍රමුඛත්වයක් අත්පත් කර ගැනීමට ඉවහල් විය.

• දියුණුව සඳහා වන අපගේ කැපවීම සහ අති නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවශ්‍යතාවයන්ට අනුකූලව, බැංකුව එහි සියලුම තොරතුරු තාක්ෂණ පද්ධතීන් වරින් වර වැඩිදියුණු කිරීමට කටයුතු කරයි.

• ඒ අනුව, නවීන තාක්ෂණය අත්පත් කර ගැනීමටත් මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කිරීමටත් මෙන්ම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ඨ සේවාවන් සැපයීම සඳහා බැංකුව සිය මූලික බැංකුකරණ තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ යෝජනාවක් ඇගයීමට ලක් කරමින් සිටී.

පන්සලක ගේට්ටු වහගෙන කරන කුමන්ත්‍රණයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්..සහරාන් වගේ පිරිසක් දැයි සැකයක්..සාක්ෂි සහිතව පින්තූර පෙන්වමින් හිටපු බුද්ධි නිලධාරියෙක් චමුදිතට කියයි(VIDEO)

පන්සලක ගේට්ටු වහගෙන කරන කුමන්ත්‍රණයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්..සහරාන් වගේ පිරිසක් දැයි සැකයක්..සාක්ෂි සහිතව පින්තූර පෙන්වමින් හිටපු බුද්ධි නිලධාරියෙක් චමුදිතට කියයි(VIDEO)


• මෙම යෝජනාවට අදාළ තාක්ෂණික සාකච්ඡා සහ ඇගයීම් සම්මත ප්‍රසම්පාදන පිළිවෙත් අනුව තවමත් සිදුවෙමින් පවතී.

• ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති අතර, කිසිදු පාර්ශ්වයක් සමග මුදල් ගනුදෙනුද සිදු කර නොමැත.

මහජන බැංකුව සිය සියලු මෙහෙයුම් කටයුතු වලදී නිරවද්‍යතාවය, විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කැපවී සිටින බව සඳහන් කර තිබෙනවා.

ආරක්ෂාව තර කරයි.. පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ආරක්ෂාව තර කරයි.. පොලිස් නිලධාරීන් 60,000ක් යොදවයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් මහජන බැංකුව සඳහන් කළේ සත්‍ය තහවුරු කළ තොරතුරු මත විශ්වාසය තබන ලෙසත්, සාවද්‍ය තොරතුරු වලට හසු නොවන ලෙසත් ය.

එම නිවේදනය පහතින් දැක් වේ,


Gallery