ජනතාව අන්ත පීඩනයේ - විපක්ෂයෙන් ආණ්ඩුවට දොස්

Report

බඩු මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්, ආණ්ඩුවෙන් එයට වහාම විසඳුමක් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට යෝධකන්ඩිය බෝධි මහා විහාරය, යෝධකන්ඩිය නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විදුලි බිල, තෙල් මිල, ගෑස් මිල සහ ආහාරපාන මිල අධික ලෙස ඉහළ යාමෙන් ජන ජීවිතය දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.

එමෙන්ම පොහොර හා ඖෂධ හිඟය හේතුවෙන් ආහාර සුරක්ෂිතභාවයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළා.

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අසමත් වී ඇති බව චෝදනා කළ විපක්ෂ නායකවරයා, විදුලි බිල, ඉන්ධන, ගෑස් සහ පොහොර මිල වහා අඩු කළ යුතු බවද අවධාරණය කළේය.

ගල් අඟුරු සම්බන්ධ වංචා පිළිබඳවද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මුලදී ගැටලුවක් නොමැති බව කියා පසුව ගල් අඟුරු ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න මතුවීමත් සමඟ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ සැක මතුව ඇති බවයි.

රුපියලට හුස්මක් - ඩොලරයට සාපේක්ෂව අදත් ස්ථාවරයි

රුපියලට හුස්මක් - ඩොලරයට සාපේක්ෂව අදත් ස්ථාවරයි

එම ගල් අඟුරු ගැටලුව නිසා විදුලි ජනනයේ හිඟය පිරවීමට ඩීසල් බලාගාර භාවිතා කිරීමට සිදුවීමෙන් වක්‍ර ලෙස ජනතාවට අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නා.

වර්තමාන තත්ත්වය දිගටම පැවතුනහොත් ජනතාවට ජීවත් වීම ඉතා දුෂ්කර වනු ඇති බවත්, ආණ්ඩුවේ මූලික වගකීම ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

දූෂණයට තිත තබමින් - COPA සහ COPEට නව බලයක් හමුවෙයි..

දූෂණයට තිත තබමින් - COPA සහ COPEට නව බලයක් හමුවෙයි..