කතානායකතුමා මේවාට ඇඬන්නේ නැද්ද? - රෝහිනි ආණ්ඩුවේ පලු අරියි!

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී, ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද පුද්ගලයින් 1300කට අධික සංඛ්‍යාවක් ඇතුළත් ලැයිස්තුවක් සභාගත කළාය.

ඇය එහිදී පැවසුවේ, එල්.ටී.ටී.ඊ.යට පෙර ළමා සොල්දාදුවන් බිහි කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවයි.

අයවැයට පක්ෂව ඡන්ද දීපු විපක්ෂ මන්ත්‍රී කියන කතාව!

අයවැයට පක්ෂව ඡන්ද දීපු විපක්ෂ මන්ත්‍රී කියන කතාව!

මෙහිදී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළේ, කන්තලේ හි බෝනික්කි නමැති වයස අවුරුදු 13ක දරුවකු යොදවා, වයස අවුරුදු 70ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක ඝාතනය කළ බවත්, කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝර්ජ් රත්නායක ද දරුවකු යොදවා ඝාතනය කරන ලද බවත්ය.

එසේම, ගාල්ලේ බැංකු ධර්මේ නමැති එක්සත් ජාතික පාක්ෂිකයකුගේ බිරිඳ ඔහුගේ දේශපාලනය නිසා ඝාතනය කළ බවත්, ලග්ගල පල්ලේගම විදුහල්පති රංබණ්ඩේ මහතා ගේට්ටු කණුවක තබා ඝාතනය කළ බවත් ඇය පෙන්වා දුන්නාය.

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

මහින්ද සියල්ල අතැරලා දාලා යයි - ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්ලු!

තවද, සාගරිකා ගෝමස්ගේ ඝාතනය ද ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බව සඳහන් කළ කවිරත්න මහත්මිය, “මේවාට ඇඬන්නේ නැද්ද?” යනුවෙන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කළාය. 

අදාළ ලැයිස්තුව පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery