අයහපත් කාලගුණය නිසා 19 දෙනෙක් ජීවිතක්ෂයට...පහත් ප්‍රදේශ රැසක් යට වෙයි

Report

මේ වනවිටත් පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව නිසා මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

එසේම එරට බලධාරීන් පවසන්නේ ඉන් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙහි දී වාර්තා වූ බොහෝ මරණ පළාත් අගනුවර වන ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බව සඳහන්.

තවද මෙම අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ තද සුළං තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.

එසේම ඊසානදිග පන්ජාබ් සහ වයඹදිග කයිබර් ෆක්ටන්ක්වා (කේ.පී.) පළාත්වලට අකුණු සැර වැදීමෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පවසයි.

ඒ අනුව මේ වන විටත් එහි නිවාස රැසක් කඩාවැටී ඇත.

මුතු ඇටේ හැඩ බලන්න ආපු කෙනෙක්ට ගහලා

මුතු ඇටේ හැඩ බලන්න ආපු කෙනෙක්ට ගහලා

එමෙන්ම පහත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී බොහෝ ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී ඇති බවට වාර්තා වේ.