ප්‍රවෘත්ති වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරය කඩා වැටෙයි - NBC4 මාධ්‍යවේදීන්ට අවාසනාවන්ත ඉරණමක් [VIDEO]

Report

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් මියගිය අය අතර NBC මාධ්‍ය ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදිනියක වන එලියානා මොරෙනෝ සහ හෙලිකොප්ටර් නියමුවෙකු වන ජෝර්ජ් මාර්සිනිව් ද සිටින බව වාර්තා වේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී යානය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කරමින් සිට ඇත.

තුන්වැනි මරණයට පත්වූ පුද්ගලයා 29 හැවිරිදි එඩී ගුටියරෙස් මෙජියා බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කොරනර් කාර්යාලය සඳහන් කර තිබේ.හෙලිකොප්ටරය කඩා වැටීමේදී ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකු බව සඳහන් වේ.

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇමරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී.

NTSB විමර්ශනය භාර නිලධාරී ෆේබියන් සලාසාර් පැවසුවේ අනතුර සම්බන්ධ මූලික වාර්තාවක් දින 30ක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ගාසා තීරයෙන් තවත් ඛේදවාචකයක්- යුද්ධයෙන් හානි වූ ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 5 දෙනෙකු ඇතුළු 20ක් මිය යයි

ගාසා තීරයෙන් තවත් ඛේදවාචකයක්- යුද්ධයෙන් හානි වූ ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 5 දෙනෙකු ඇතුළු 20ක් මිය යයි

කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා අවසන් වාර්තාව නිකුත් කිරීමට මාස 18ක් දක්වා කාලයක් ගතවිය හැකි බව ඔහු සඳහන් කළේය.

අනතුරට පෙර හෙලිකොප්ටරය තුළින් පටිගත වූ බවට සැලකෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, එය මේ වනවිට විමර්ශකයන්ට ලැබී ඇති වැදගත්ම සාක්ෂි අතරින් එකක් විය හැකි බව සලාසාර් පවසා තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ තිබූ දැඩි ලෙස පිළිස්සුණු හෙලිකොප්ටර් අවශේෂ සහ ගබඩා බහාලුමක් විමර්ශකයන් විසින් පරීක්ෂා කර තිබේ. යානයේ සුන්බුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ NBC4 නාලිකාවේ සජීවී විකාශයක් අතරතුර එම නාලිකාවට අයත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇති බව නිවේදකයන් විසින් තහවුරු කර තිබුණි.

ලොස් ඇන්ජලීස්හි ප්‍රවෘත්ති ආයතන හෙලිකොප්ටර් යොදාගෙන පොලිස් හඹායෑම්, ලැව්ගිනි, අනතුරු සහ විවිධ හදිසි සිදුවීම් සජීවීව වාර්තා කිරීම සාමාන්‍යයෙන් සිදු කරයි.

අමෙරිකානු පොලී අනුපාතිය ඉහළට - වසර තුනකට පසු වුණ වෙනස මෙන්න

අමෙරිකානු පොලී අනුපාතිය ඉහළට - වසර තුනකට පසු වුණ වෙනස මෙන්න