රෝගීයෙකු රෝහලේදී පිහියකින් ඇන සියදිවි හානි කරගෙන
පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු තියුණු ආයුධයකින් හානි කරගෙන සියදිවි හානි කරගෙන තිබේ.
පසුගිය 18 වනදා මාතලේ සිට පැමිණ තිබූ 55 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස රෝහලේ 18 වන වාට්ටුවට ඇතුළත් කර තිබූ අතර සෙම් රෝගී තත්ත්වයක් සහ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් ඔහු රෝහල්ගතවී තිබූ බවද වාර්තා විය.
දින 05ක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක 23හි ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රෝගියා අද (22) පස්වරුවේ පළතුරු කැපීම සඳහා තමා සන්තකයේ තබාගෙන සිටි කුඩා පිහියකින් පපු ප්‍රදේශයට හානි කරගෙන සියදිවි හානි කරගෙන ඇත.
රෝහල් පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවූ වේදනාව දරාගැනීමට නොහැකිව මෙසේ සියදිවි නසා ගන්නට ඇති බවට සැක කරන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.