මාලිමා ආණ්ඩුවෙන්, රතු පාට නිල් පාට වෙලා ආ පාස්පෝට් එක.. වෙලා තියෙන අලුත් වෙනස්කම් ටික මෙන්න..(PHOTOS)

Department of Immigration & Emigration Passport Latest Headlines Decision Making AKD
By krishani Oct 22, 2024 03:03 AM GMT
krishani

krishani

Report

ඊයේ (21) දිනයේ සිට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය කටයුතු කළේ ය.

ඒ මාස කිහිපයක සිට පැවති අර්බුධය සහ හිඟය අවසන් කරමින් ය.

ඒ, අනුව මෙතෙක් පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..


එය ඊයේ දිනයේ සිට නිකුත් කිරීම ඇරඹු විදේශ ගමන් බලපත්‍රයට එක්කර තිබෙනවා.

ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය ද වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර මෙතෙක් පැවති රතු පැහැය වෙනුවට නිල් පැහැයෙන් යුක්ත වනවා.

එමෙන්ම, පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර, නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48 කින් සමන්විත වේ.

තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)

තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)


මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන් වන අතර නව බලපත්‍රයේ P අංක භාවිත කර තිබෙනවා.

එයට අමතරව නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතවීම ද විශේෂත්වයක් වේ.

එම බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේ දී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ ය.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery