පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
අ පාර්ලිමේන්තු නිල දිනදසුන (Order Paper) අනුව අද දිනයේ ප්‍රධාන කටයුතු මෙසේය.
පෙ.ව. 9:30 – 10:00: ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු. පෙ.ව. 10:00 – 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න උදාහරණයක් ලෙස වතු කම්කරුවන්ගේ ආරක්ෂාව, වන සතුන්ගේ ප්‍රහාර, වතු නිවාස සංවර්ධනය ආදී ප්‍රශ්න.
පෙ.ව. 11:00 – 11:30: ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න. පෙ.ව. 11:30 සිට ප.ව. 5:00 දක්වා: විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත (Special Commodity Levy Act) යටතේ නියමයන් තුනක් අනුමත කිරීම සඳහා විවාදය.
රේගු ආඥාපනත (Customs Ordinance - Chapter 235) යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ යෝජනා සම්මතය.
මෝටර් වාහන පනත (Motor Traffic Act - Chapter 203) යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම. පසුව ප.ව. 5:00 – 5:30 කාලය සභාව කල් තැබීමේ අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් වේ.
එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.