පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය ගංගාවක් දිගේ කිලෝමීටර් 06ක් ගමන් කිරීම මුළු ලෝකයේම අවධානයට.(VIDEO)

Report

2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(26) රාත්‍රියේ ආරම්භ වුණා.

ඒ ප්‍රංශයේ ''සෙයින්'' ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේ වීමද මුළු ලෝකයේම අවධානයට ලක් වන්නට විය.

සිව්වසරකට වරක් පැවැත්වෙන මේ අසිරිමත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙවර ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගනයකින් තොරව ගංගාවක් ආශ්‍රිතව පැවැත්වීම ද විශේෂත්වයක්.

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..


''බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද '' යන්න තේමා කර ගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

පැරිසි නගරය හරහා වැටී ඇති සේන් නදියේ , එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග කිලෝමීටර් 6ක දුරක් ගමන් කළේ නෙතට ප්‍රිය දසුන් නංවමින්.

ප්‍රංශයේ ඉතිහාසය , ඔලිම්පික් ඉතිහාසය විවිධ අවස්ථා නිරූපනය වන අයුරින් එක් කළ විචිත්‍රාංග රැසකින් සමාරම්භක උළෙල වර්ණවත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් සදහා සුදුසුකම් ලබා ගත් අතර, ඔවුන් ශ්‍රී ලංකා ධජය රැගෙන සේන් නදිය දිගේ ඉදිරියට ගමන් කරන අයුරු දකින්නට ලැබුණා.

මේ අතර, පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය ලස්සනම එකක් ලෙසින් වර්ණනා කරන ලදි.

නායකයින් වෙනස් වූ ඉන්දු ශ්‍රී ලංකා T20 ගැටුම..අද තරඟයේ විශේෂත්වය මෙන්න..

නායකයින් වෙනස් වූ ඉන්දු ශ්‍රී ලංකා T20 ගැටුම..අද තරඟයේ විශේෂත්වය මෙන්න..


එය සයින් ගඟේ ආඩම්බරයෙන් පාවෙන විට එහි විචිත්‍රවත් නිර්මාණය සහ වැදගත්කම ගැන විචාරකයින් ප්‍රශංසා කරන ආකාරය දකින්නට ලැබිණි.

ක්‍රීඩා උළෙලේ දර්ශනීය ආරම්භය ලොවම බලා සිටියදී ඓතිහාසික පැරිස් නගරය මධ්‍යයෙන් ගමන් කරන සේන් නදියේ ලෙලදෙන ශ්‍රී ලංකා ධජය ජාතිය අභිමානයෙන් පිරී ගියේය.

එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.