ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..

Sri Lanka Politician Sri Lanka Economic Crisis University of Peradeniya Government Employee Government Of Sri Lanka
By Aruna Jul 27, 2024 04:31 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්(36%) ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින්(20%) පමණ ද 2020 - 2024 අතර කාලයේදී අඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශ කර තිබෙනවා.

වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩුවක් හිමි වෙයි..3,000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කරයි..

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩුවක් හිමි වෙයි..3,000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කරයි..


මහාචාර්යවරයා ප්‍රකාශ කරන්නේ, මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇති බවයි. 

තවද රුපියල් ලක්ෂයක(100000) පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරල මහතා පවසයි.

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)

සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)


මේ අනුව එම පුවත් පතට වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇති බවයි..

ReeCha