දියණියන් දෙපලගේ දිවි බේරා දෙන්නැයි මාපියන්ගෙන් ආයාචනා(VIDEO)..

Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Piyumika Jun 19, 2024 01:59 AM GMT
Piyumika

Piyumika

Report

උපතින්ම ඉණ ප්‍රදේශයෙන් බද්ධ වූ සිය දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමේ අභියෝගයට මුහුණ පා සිටින මව්පිය යුවළක් පිළිබඳව අරණායක ප්‍රදේශයෙන් වාර්තා වේ.

අද සිට කාලගුණයේ ප්‍රබල වෙනස්වීමක්..වැස්ස වැඩි වෙයි..

අද සිට කාලගුණයේ ප්‍රබල වෙනස්වීමක්..වැස්ස වැඩි වෙයි..

දැරියන් දෙදෙනාටම වකුගඩු දෙකක් පමණක් පිහිටා ඇති අතර, වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔවුන්ට වයස අවුරුදු 4ක් සපිරීමට පෙර සැත්කමක් මාර්ගයෙන් වකුගඩු දෙක වෙන් වෙන් වශයෙන් බද්ධ කළ යුතු බවයි.

කෙසේ වෙතත් උපතේදීම එම සිඟිත්තියන් දෙදෙනා ඉණ ප්‍රදේශයෙන් බද්ධ වී තිබීම මෙන්ම, ඔවුන් දෙදෙනාටම වකුගඩු දෙකක් පමණක් පිහිටා තිබීම හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ ජීවිත ඇත්තේ අවදානමකය.

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..

ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් මේ සිඟිත්තියන් දෙදෙනාට අවුරුදු 4ක් සපිරීමට පෙර සැත්කමක් මාර්ගයෙන් වකුගඩු දෙක වෙන් වෙන් වශයෙන් බද්ධ කළ යුතු බව පැවසේ.

මේ දැරියන් දෙදෙනාට දැනට අවුරුදු 3ක් සම්පූර්ණ වී ඇතත් මව්පියන්ට පවතින දැඩි ආර්ථික අගහිඟකම් හේතුවෙන් මේ වනතුරුම එම සැත්කම කිරීමට නොහැකි වී ඇත.

මව්පියන් ඉල්ලා සිටින්නේ දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීම සඳහා තමන්ට පිළිසරණක් වන ලෙසයි.