පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - පුද්ගලයෙක් මරුට
By Kanchana
හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබේ.
ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ ඒ වගේම අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය සදහන් කර ඇත.