කලබල වෙන්න එපා එයත් වැඩට යන්න ඇවිත් තියෙන්නේ.. බසයට නැග්ග කෙනෙක් නිසා මගීන් වහලයේත් එල්ලීලා ..

Kurunegala Sri Lanka Snake Srilanka Bus
By Piyumika Oct 08, 2024 04:02 AM GMT
Piyumika

Piyumika

Report

කුරුණෑගල සිට මාවතගම මැටිබොක්ක දක්වා ඊයේ (7 වැනිදා) උදෑසන ගමන්ගත් පෞද්ගලික බසයක ගැරඬියකු සිටීම හේතුවෙන් මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිවීමේ පුවතක් වාර්තා වේ.

මිල ඉහළ යාම නවත්තන්න බිත්තරයට පාලන මිලක් ..?

මිල ඉහළ යාම නවත්තන්න බිත්තරයට පාලන මිලක් ..?

බසය ඊයේ උදෑසන අටට පමණ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම් පොළෙන් ගමනාරම්භ කර සුළු මොහොතකින් බසයේ පිටුපස දොරටුව ආසන්නයේ ඇති අසුනක් යටින් ගැරඬියා මතුව ඇත. ඊයේ කාර්යාල දිනයක් වූ බැවින් බසයේ අසුන්ගෙන සහ සිටගෙන විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර තමන් සිටි අසුන යටින් ගැරඬියා මතුවනු දුටු කාන්තාවක් ඉමහත් බියට පත්ව මහත් හඬින් ‘සර්පයෙක්.. සර්පයෙක්..’ යනුවෙන් කෑගසමින් අසුන මතට නැග ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසකගේ විදෙස්ගත වීම වළක්වාලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසකගේ විදෙස්ගත වීම වළක්වාලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

මෙයින් කලබලයට පත් ගැරඬියාද ඉන් පසුව බසයේ සිටි මගීන් අතරින් ඉදිරිපස දෙසට ගමන් කරද්දී බසයේ සිටි මගීන් මරහඬ දෙමින් අසුන් මතට ගොඩවීමටත් වහලේ එල්ලීමටත් උත්සාහ ගෙන ඇත.

ගැරඬියා තමන් සිටින දෙසට එන බව දුටු රියැදුරාද කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානය ආසන්නයේ බසය නවතද්දී බියට පත්ව සිටි බසයේ සිටි සියලුම මගීන් බසයෙන් බැස තිබේ.

මෙච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිනෙ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ..නිකන් නෙවේ ආරක්ෂක නිලධාරින් 97 ක්ම ..

මෙච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිනෙ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ..නිකන් නෙවේ ආරක්ෂක නිලධාරින් 97 ක්ම ..

ඉන්පසුව බසයේ සිටි ගැරඬියා පිළිබඳව සොයා බැලුවත් පෙනෙන්නට නොසිටි බැවින් නැවත ගමන් ආරම්භ කළද එහි ගමන් කිරීමට බියවූ ඇතැමුන් වෙනත් බසයකින් යාමට පියවර ගෙන තිබිණි.