සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසකගේ විදෙස්ගත වීම වළක්වාලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්..

Sri Lanka Supreme Court of Sri Lanka Law and Order
By Piyumika Oct 08, 2024 03:30 AM GMT
Piyumika

Piyumika

Report

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදෙස්ගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් වී තිබේ.

කෑ ගහන එක නවත්ත ගන්න රෙද්දකින් කට වැහුවේ ...මරන්න නෙවේ ..

කෑ ගහන එක නවත්ත ගන්න රෙද්දකින් කට වැහුවේ ...මරන්න නෙවේ ..

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිනවා.

ලේසි නැහැ 53ක්ම හොයාගෙන තව කියක් නම් ඇතිද..

ලේසි නැහැ 53ක්ම හොයාගෙන තව කියක් නම් ඇතිද..

නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.

මිල ඉහළ යාම නවත්තන්න බිත්තරයට පාලන මිලක් ..?

මිල ඉහළ යාම නවත්තන්න බිත්තරයට පාලන මිලක් ..?

එම මෝසම තුළින් පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට මුහුණපා සිටින වග උත්තරකරුවන් රටින් බැහැරවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි යම් හෙයකින් වග උත්තරකරුවන් රටින් බැහැර වුවහොත් මෙම නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවිය හැකි එබැවින් ඔවුන්ට එරෙහිව විදේශගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.